marriageproposals.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට පහත උපදෙස් අනුගමනය කරන්න. වෙබ් අඩවියේ ලියාපදිංචිවීම සඳහා desktop / laptop වර්ගයේ පරිගණකයක් භාවිතා කිරීම වඩා සුදුසු වේ.

1. ලියාපදිංචි වීමට ප්‍රථම කල යුතු දෑ

2. ලියාපදිංචි වන්නේ කෙසේද

3. ප්‍රථම වරට login වීම

4. මංගල යෝජනා සොයන්න

5. මංගල යෝජනා වලට පිළිතුරු යවන්න

1. ලියාපදිංචි වීමට ප්‍රථම කල යුතු දෑ

  • “Terms of Service” පිටුව කියවා එහි ඇති කොන්දේසි වලට එකඟ විය හැකි බව තහවුරු කරගන්න
  • පහත දැක්වෙන ලියකියවිලිවල වර්ණ scan පිටපත් හෝ වර්ණ ඡායාරූප සූදානම් කරගන්න
    *ජාතික හැඳුනුම්පත / විදේශ ගමන් බලපත්‍රය
    *ලබා ඇති ඉහලම උපාධි සහතිකය
  • වඩා ඉක්මන් සහ කාර්යක්ෂම සේවාවක් සඳහා ඔබගේ ඡායාරූපයක් ඇතුලත් කිරීමට කැමතිනම් පික්සල 800x800 ප්‍රමාණයේ 2 MB ප්‍රමාණයට අඩු ඡායාරූපයක්

2. ලියාපදිංචි වන්නේ කෙසේද ?

Note 1: උදාහරණ ලෙස දැක්වීම සඳහා අහඹු ලෙස තෝරාගත් නමක් සහ email ලිපිනයක් භවිතා කර ඇත. මෙය කිසිඳු සාමාජිකයෙක්ට අයත් නොවන බව කරුණාවෙන් සලකන්න.

Note 2: ලියාපදිංචි වීම සඳහා තොරතුරු සැපයීමේදී රතු පැහැති තරු ලකුණක් සමග ඉල්ලා ඇති තොරතුරු අනිවාර්යෙන් සැපයිය යුතු බව කරුණාවෙන් සලකන්න.

  • කොළ පැහැති “Sign up” බොත්තම මත click කරන්න. එසේත් නැතිනම් https://www.marriageproposals.lk/users/signup වෙත පිවිසෙන්න.
  • පහත තොරතුරු ඇතුලත් කරන්න
    *Email address: මෙම email ලිපිනය අන් අය හට දිස් නොවන අතර කාර්යාලීය කටයුතු සඳහා පමණක් භාවිතා කෙරේ
    *Password: ඔබගේ ගිණුමේ ආරක්ෂාව සඳහා කැපිටල්, සිම්පල් ඉංග්‍රීසි අකුරු සහ ඉලක්කම් 8ක් වත් සමඟ !@#$%^&* වැනි සලකුණු සහිත password එකක් භාවිතා කරන්න
    *“I am” මෙනුවෙන් ඔබ සොයන්නේ මනාලියෙක්ද මනාලයෙක්ද යන බව තෝරන්න
    *“You're not a bot, are you?” කොටුවෙහි ඊට දකුණුපසින් ඇති අකුරු / ඉලක්කම් ඇතුලත් කරන්න
    *ඊට යටින් ඇති කොටුව මත click කිරීමෙන් “terms of service” පිටුව කියවා එහි ඇති කොන්දේසි වලට එකඟ බව දක්වන්න


  • “Continue” බොත්තම මත click කරන්න.
  • “Tell us about yourself” පිටුවෙහි ඉල්ලා ඇති තොරතුරු සත්‍ය සහ නිවැරදි ලෙස ලබා දෙන්න. පහත තොරතුරු ගැන විශේෂ අවධානයක් යොමු කරන්න:
    *Contact Number (not to publish): කාර්යාලීය කටයුතු සඳහා ඔබව සම්බන්ධ කරගතහැකි දුරකථන අංකයක් මෙහි ඇතුලත් කරන්න. මෙය අනිවාර්යයෙන් ලබා දිය යුතුය. මෙම අංකය අන් අයට දිස් නොවේ.
    *Contact Number (will be published): මංගල යෝජනා සඳහා ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් මෙහි ඇතුලත් කරන්න. මෙය අනිවාර්යයෙන් ලබා දිය යුතුය. මෙම අංකය ලියාපදිංචි විවාහ අපේක්ෂිතයන් සඳහා පමණක් දිස්වේ.
    *Contact Email (will be published): මංගල යෝජනා සඳහා ඔබව සම්බන්ධ කරගත හැකි email ලිපිනයක් මෙහි ඇතුලත් කරන්න. මේ සඳහා email ලිපිනයක් ඇතුලත් කිරීම අනිවාර්ය වේ.
  • සියළුම තොරතුරු ඇතුලත් කිරීමෙන් පසුව “Continue” බොත්තම මත click කරන්න.
  • “Upload picture” තිරයෙහි ඔබගේ ඡායාරූපය ඇතුලත් කිරීම සඳහා “Select file” බොත්තම ඔබන්න.
  • අදාළ ඡායාරූපය තෝරා "Open" බොත්තම එබීම මගින් හෝ ඡායාරූපය මත double click කර ඇතුලත් කලයුතු ඡායාරූපය තෝරාගන්න.


  • “upload file” බොත්තම මත click කර ඡායාරූපය ඇතුලත් කරන්න.



  • ඡායාරූපය upload වීමෙන් අනතුරුව එය තිරය මත දිස්වේ. ඡායාරූපය පික්සල 800x800 ට වඩා විශාලනම් “Edit thumbnail” භාවිතයෙන් ඡායාරූපය ඔබට අවශ්‍ය ලෙස සකසා ගන්න. ඔබට වෙනත් ඡායාරූපයක් භාවිතා කිරීමට අවශ්‍යනම් “Delete picture” භාවිතා කර කලින් ඇතුලත් කල ඡායාරූපය ඉවත් කරන්න.


  • “Continue” බොත්තම මත click කරන්න. ඔබට ඡායාරූපයක් ඇතුලත් නොකර ලියාපදිංචි වීමට අවශ්‍යනම් "Skip" බොත්තම මත click කරන්න.

  • ඉතා වැදගත්: දැන් ඔබගේ ගිණුම නිර්මාණය කර ඇති නමුත් එය සක්‍රීය කර නොමැත.

    තොරතුරු තහවුරු කර ගිණුම ක්‍රියාත්මක කිරීම සඳහා කරුණාකර;

    1) විවාහ යෝජිතයගේ ජාතික හැඳුනුම්පතේ / විදේශ ගමන් බලපත්‍රයේ
    2) විවාහ යෝජිතයා ලබා ඇති ඉහලම උපාධි සහතිකයේ
    3) CRV Creations | ගිණුම් අංක: 1480045810 | කොමර්ෂල් බැංකුව (Commercial Bank) | යුනියන් ප්ලේස් ශාඛාව (Union Place Branch) වෙත රුපියල් 1,100 ක මුදලක් තැන්පත් කර එම බැරපතේ (deposit slip) පිටපතක් / ඔන්ලයින් ගෙවීමක් (online transfer) නම් එහි screenshot එක

    යන ඒවායේ පැහැදිලි වර්ණ ඡායාරූප (ජංගම දුරකථන කැමරා මගින් ගන්නා ඡායාරූප වලංගු වේ) / ස්කෑන් පිටපත් / screenshot, support@marriageproposals.lk වෙත email කරන්න.මෙම තොරතුරු අනෙක් විවාහ යෝජිතයන් හට දිස් නොවන අතර කාර්යාලීය කටයුතු සඳහා පමණක් භාවිතා වේ.

    3. ප්‍රථම වරට login වීම

    ඔබගේ ගිණුම සක්‍රීය කල පසු ඒ බව දන්වා ඔබට email පණිවිඩයක් එවනු ලැබේ.

      • එම email පණිවිඩයේ ඇති link එක මත click කිරීමෙන් හෝ https://www.marriageproposals.lk/users/login ලින්ක් එක භාවිතයෙන් ඔබට login පිටුවට ප්‍රවේශ විය හැක. එම වෙබ් පිටුවේදී ඔබගේ email ලිපිනය සහ password එක ලබාදී ඔබගේ ගිණුමට ප්‍රවේශ විය හැක.
      • ඔබගේ ගිණුමට ප්‍රවේශ වීමෙන් අනතුරුව ඔබව profile පිටුව වෙත යොමුකෙරේ. කරුණාකර එහි ඇති තොරතුරු නිවැරදිද යන්න සනාථ කරගන්න. ඔබට යම් කිසි තොරතුරක් වෙනස් කිරීමට අවශ්‍යනම් "Edit Profile" මත click කර අදාළ වෙනස්කම් කිරීමෙන් පසුව නැවත Save කරන්න.
      • ඔබ ලියාපදිංචි වීමේදී ලබාදුන් ඡායාරූපයේ වෙනසක් කිරීමට අවශ්‍යනම් හෝ ඡායාරූපයක් ඇතුලත් කිරීමට අවශ්‍යනම් "Edit picture" මත click කරන්න.
      • මෙම වෙබ් පිටුවේ දකුණුපස ඉහල කෙලවරේ icon 3ක් දිස්වේ.

      දකුණු පස සිට ඇති පළමු බොත්තම මත click කිරීමෙන් ඔබගේ profile එක බැලීමට / වෙනස්කම් කිරීමට සහ ඔබගේ ගිණුමෙන් log off වීමට හැකිවේ.

      මැද බොත්තම මගින් ඔබ "favorite" ලෙස සටහන් කර ඇති මංගල යෝජනා නැරඹීමට හැකිවේ.

      දකුණු පස සිට තුන්වන බොත්තම මත click කිරීමෙන් ඔබගේ මංගල යෝජනාව සඳහා මෙම වෙබ් අඩවිය හරහා පිළිතුරු ඒවා ඇත්නම් එම පණිවිඩ දැකගත හැකිවේ.

      4. මංගල යෝජනා සොයන්න

      marriageproposals.lk වෙබ් අඩවියේ ඉහලින් ඇති "Search Proposals" මත click කිරීමෙන් ඔබට මංගල යෝජනා සොයාගත හැකිය.

      5. මංගල යෝජනා වලට පිළිතුරු යවන්න

      • මංගල යෝජනාවෙහි දුරකථන අංකයක් හෝ email ලිපිනයක් දක්වා ඇත්නම් එමගින් පිළිතුරු යවන්න. මෙය වඩා වේගවත් හා කාර්යක්ෂම වේ.
      • මංගල යෝජනාවට යටින් දැක්වෙන "Send Message" බොත්තම click කිරීම මගින් මෙම වෙබ් අඩවිය හරහාම මංගල යෝජනා වලට පිළිතුරු යැවිය හැකිය.

      මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමේදී යම්කිසි ගැටළුවක් ඇතිවුවහොත් support@marriageproposals.lk email ලිපිනය වෙත email එකක් එවීමෙන් හෝ +94702665599 වෙත දුරකථන ඇමතුමක් ලබාදීමෙන් සහය ලබාගත හැක